බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්රදේශයේදී බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එහිදී මුහුදු කූඩැල්ලන් 2105 ක් සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා යොදාගත් ඩිංගි යාත්රා 3 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 7 ක්, ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සහ G.P.S යන්ත්ර 3 ක් ද අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





