ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා අද (22) කොළඹ වරායෙන් පිටත් විය. එම නෞකාවන් 23 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟාවීමට නියමිත අතර මෙම සංචාරයේදී, විශේෂ පුහුණුවීම් කිහිපයක් සිදු කිරීමටද නියමිතය. දෙරටෙහි නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඔවුනොවුන් මුණගැසීමටත්, අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසන එම ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුව ලබන මධ්‍ය නිලධාරීන් 20 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයන් 304 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
මෙම කණ්ඩායම ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයේ INS වෙන්ඩුරුති හා INS ඩ්රෝනචර්යා යන පුහුණු පාසල් නිරීක්ෂණය කිරීමටත්, එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයකටත් සහභාගී වීමට නියමිතය. මේ අනුව ජාත්‍යන්තර නාවික හමුදාවට සම්බන්ධ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමටද මෙම සංචාරය මගින් මහත් පිටිවහලක් ලැබෙනු ඇත.











