පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදාධිපතිතුමන් එක්වේ
පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජාතික රුක්රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.
ජනාධිපතිතුමන් විසින් කන්තලේ වන රක්ෂිතයේ කළුවර පැළයක් සිටුවා රුක් රෝපණය සංකේතවත් කරමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ පාසල් දරුවන් හා එක්ව හෙක්ටයාර දෙකක පැළ 2000 ක් සිටුවීමේ වැඩසටහනට ද එක්විය. එම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වීය. මෙහිදී නීලහරිත යුගයක් වෙනුවෙන් පරිසරය සුරැකීම සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වෙත සහතික පත්‍රයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රධානය කිරීමද එම අවස්ථාවේදී සිදු විය.









