ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලාව ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලව සඝසතු කොට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. මේ අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද එක්විය.
මෙහිදී ජනාධිපතිතුමන් විසින් සදාතුක කරඬුව ධාතු මන්දිරයේ තැන්පත් කර පුෂ්ප උපහාර දැක්වීම සිදු කළ අතර, ප්‍රදේශයේ විහාරස්ථාන 5 ක් සඳහා පූජාභූමි ඔප්පු ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා අමරපුර ශ්‍රී සද්ධර්ම වංශ මහා නිකායේ මහා නායක අහුංගල්ලේ ශ්‍රී සීල විසුද්ධි මහා නායක ස්වාමිපානන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු ප්‍රදේශ වාසීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.









