බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් වන “සෙයිඩ් නස්රුල් ” සහ “තාජුඩීන්” යන නෞකාවන් අද (25) කොළඹ වරායට සේන්දු විය. සුහද සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායන්ට අනුව පිළිගන්නා ලදී.
මෙම නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන කපිතාන් මොහොමඩ් සලිහුඩීන් සහ කපිතාන් මොහොමඩ් හසන් තාරික් යන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපතිතුමන් හමුවීමට නියමිත අතර, මෙම නෞකාවන් ඔක්තෝබර් මස 27 වන දින දක්වා දිවයිනේ රැදී සිටීමට නියමිතය.











