බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන නෞකාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන නෞකා ද්විත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන බංගලාදේශ වෙරළාරක්ෂක බලකායේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්, කොමදෝරු යහ්යා සයිඩ් මහතා ඇතුලු නෞකාවන්හි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන කපිතාන් මොහොමඩ් සලිහුඩීන් සහ කපිතාන් මොහොමඩ් හසාන් තරීක් යන නිලධාරීන් අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජ්ගුණරත්න මහතා හමුවිය.
එහිදී ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ බංගලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු ශාහ් අස්ලම් පර්වේස් මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.








