ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ ‘CTF 150’ අණදෙන නිලධාරී, කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා අද (25) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේෂක කර්නල් මුහම්මද් රජිල් ඉර්ෂාඩ් ඛාන් මහතා ද එක් විය.





