“සයුර” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමිල” යන නෞකා ද්විත්වයේ කාර්යය මණ්ඩල එක්ව “සයුර” නෞකාවේ දී නාවික සම්ප්‍රදායානුකූල පිළිගැනීමේ උත්සවයක් ඊයේ (26) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබුණි.
මෙම පිළිගැනීමේ උත්සවස සඳහා ඉන්දියානු දකුණු නාවික විධාන මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රවීන්ද්‍ර ජයන්ති නඩ්කාර්නි මහතා ඇතුළු ඉන්දියානු නාවික නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගී වූහ. “සයුර” සහ “සුරනිමිල” නෞකාවන්හි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරනු ලබන කපිතාන් ප්‍රසන්න අමරදාස සහ කපිතාන් පූජිත විතාන යන නිලධාරීන් විසින් ආරාධිතයින් ඉතාමත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්කර්ශවත් අයුරින් පැවති මෙම පිළිගැනීමේ උත්සවය වර්ණවත් කරමින් ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මියුරු සංගීතයෙන් හා නර්තනයන්ගෙන් හැඩගැන්විණි. පැමිණි ආරාධිතයින් හා ලාංකික නාවික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.























