නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) බූන්දල වෙරළ ආශ්රිත ප්රදේශයේදී නීති විරෝධී ලෙස බිත්තර සහිත පොකිරිස්සන් 62 ක් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ පොකිරිස්සන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

