පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලිය සඳහා සහභාගි වන නාවික හමුදා රග්බි ක්‍රීඩකයන් හට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (4) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී රගර් ජර්සී ප්රදානය කරන ලදි.
ඒ අනුව ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (4) පස්වරුවේ කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් පොලිස් පිල පරදවා ලකුණු 29 - 08 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය. එම තරඟයේදී උත්සාහක දිනුම් 4 ක්, ප්‍රවර්තන ගෝල 3 ක් සහ දඩුවම් පහර 1 ක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.








