වියළි කැස්බෑ මස් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
මීගමුව නාවික උප අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මීගමුව ධීවර වරායේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී ඊයේ (8) බහුදින ධීවර යාත්රාවක තිබී වියළි කැස්බෑ මස් කිලෝග්රූම් 1.8 සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට පත් පුද්ගලයන්, වියළි කැස්බෑ මස් තොගය සහ බහු දින ධීවර යාත්රාව ඉදිරි නීතිමය කටුයුතු සඳහා මීගමුව ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


