කයිට්ස් දූපතේ නව දියත් මග සඳහා මුල්ගල තබයි
කයිට්ස් දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිත දියත් මග සඳහා මුල්ගල තැබීම පසුගිය 2 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් සිදු විය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ඉදිකිරීමට නියමිත මෙම දියත් මග උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතව ඇත.
එම උත්සව අවස්ථාව සඳහා කයිට්ස් දූපතේ ප්‍රාදේශීය ලේකම්, ඊ. ඇන්ටන් යෝගනායගම් මහත්මිය මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව ද සහභාගී වී සිටි අතර, මෙහි ඉදිකිරීම් අවසන් වූ පසු දූපත්වාසී ජනතාවට තම ධීවර යාත්‍රා පහසුවෙන් අළුත්වැඩියා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.



