අඛණ්ඩව 17 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 3 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ නව ක්‍රීඩාගාරයේ පැවති 2016 ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ඒ අනුව අඛණ්ඩව 17 වන වරටත් එම ශූරතාවය දිනාගත් කණ්ඩායම ලෙස නාවික හමුදා මල්ලවපොර කණ්ඩායම ඉතිහාසයට එක්විය.
යුද හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ දිවයින නියෝජනය කරමින් මල්ලවපොර කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර, එම කණ්ඩායම් සියල්ල අභිබවමින් රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 1 ක් සමගින් තරඟාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. එම ජයග්‍රාහී කණ්ඩායම අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවූ අතර, ඔවුන්ට නාවික හමුදාධිපතිතුමන්ගේ සුභාශිංසන එක් කිරීම එහිදී සිදු කෙරුණි. තවද, මෙම විශිෂ්ඨ ජයග්‍රහයනය නාවික හමුදාවට අත් කර දීමට හැකිවීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා සිය හෘදයාංගම ස්තුතිය හා ප්‍රශංසාව මල්ලවපොර සංචිතයේ සියළුම නිලධාරීන් සහ නාවිකයන් හට පිරිනැමීම ද එහිදී සිදු කරන ලදී.











