නාවික හමුදාව විසින් හම්බන්තොට වරායෙන් වාහන 1,086 නැව්ගත කිරීමට සහය ලබා දෙයි
පසු ගිය දෙසැම්බර් (7) දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද වන විට දින 7 ක් සම්පුර්ණ වේ. මෙමගින් හම්බන්තොට වරායේ දෛනික කටයුතු වලට විශාල වශයෙන් බාධා එල්ල වී ඇත. දෙසැම්බර් (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ අතර, එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි.
එමෙන්ම වරායේ විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි පද්ධති වල කඩාකල්පල්කාරි ලෙස කර තිබු නොයෙකුත් විදුලි විසන්දී කිරිම් සහ යන්ත්‍රෝපකරණ වලට හානි පැමිණෙන ලෙස යොදා තිබු නොයෙකුත් බාධක ඉවත් කිරිමට සහ ප්‍රකෘති තත්ත්වයට පත් කිරිමට නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදු විය. හම්බන්තොට වරාය සේවකයින් විසින් සිදු කළ මෙම කඩාකප්පල්කාරි වැඩ වර්ජනය නිසා වරායේ කටයුතු අඩපන විම තුළින් ශ්‍රී ලංකා රජයට සිදු විමට තිබු විශාල ආලාභයක් නාවික හමුදාව මැදිහත් විමෙන් වලක්වා ගැනිමට හැකි විය.
මේ අනුව වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිමට නාවික හමුදාව අද (13) කටයුතු කරමින් පවතී. මෙම දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාව දෙසැම්බර් (11) වන දින හම්බන්තොට පිටත වරායට ප්‍රවිෂ්ඨ වු අතර, එය අද (13) වාහන පැටවිම සඳහා හම්බන්තොට වරායේ ජැටිය වෙත යාබද පැමිණෙන ලදි. ශ්රීඝ්රව සහ කාර්යක්ෂමව රථ වාහන පැටවිමේ කටයුතු වලින් අනතුරුව හෙට (14) මෙම නෞකාව එහි ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතය.




















