නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව වෛද්‍ය සායනයක් පැවැත් වේ
නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව උතුරු මැද නාවික රෝහල සහ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය එක්ව සිදු කළ වෛද්‍ය සායනයක් කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රාථමික විද්‍යාලයේ දී පසු ගිය (10) ඉතා සාර්ථකව නිමා විය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟ පෙන්විම යටතේ පැවැත් වූ මෙම සමාජ සත්කාරය උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරීල් වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ සිදු කෙරුණි. මේ සඳහා කිලිනොච්චිය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ තුමන් සහ උතුරු මැද නාවික රෝහලේ දන්ත ශල්‍ය නිලධාරීන් හා නාවිකයන් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි. මෙමගින් කිලිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයින් 1038 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගත් අතර, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් මෙම කාර්තව්‍ය සාර්ථක කර ගැනිමට සහය විය. තවද මේ සඳහා සිය දායකත්වය ලබා දුන් සිවිල් වෛද්‍යවරුවන් හට උතුරු මැද නාවික විධානය භාර ආඥාපති තුමන් සමරු තිලිණ ප්රදානය කරන ලදි.











