රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික දිවියට සමුදෙනු ලබයි
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් විශ්‍රාම යන ලදී. මෙතුමන් සිය වසර 34 ක නාවික හමුදා සේවා කාලය තුළදි ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් කෘර්තීමත් සේවාවක් ඉටු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූව ඒ මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු වු අතර, එහිදි නාවික හමුදාධිපති තුමන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය සුභාසිංශන එක් කරන ලදි. මෙම අවස්ථාවේදි මෙතුමන් හට නාවික හමුදා සම්මාන ආචාරමුරයක් ද පවත් වන ලදී.
ඉන් අනතුරුව පැවති නාවික හමුදා සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් මෙතුමන් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා ගමන් කළ අතර, මෙම අවස්ථාවට සහභාගි වු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එහිදී මඟ දෙපස රැදි සිට සිය උත්තමාචාර පුද කරන ලදී. 1982 වසරේ දී 11 වන බඳවා ගැනිමට අයත් කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති ඒ මහතා විවිධ නිලතල දරමින් ආයතන සහ නෞකා රාශියක සේවය කර ඇත. අද්දැකිම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් මෙතුමන් විසින් ඉටු කළ අමිල සේවය නාවික හමුදා ඉතිහාසයේ ස්වර්ණමය සටහන් අතරට එක් වනු ඇත.









