රියර් අද්මිරාල් චන්දන කුලසේකර නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සිය 30 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (16) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාහට සිය සුභාසිංශන එක් කිරීමෙන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර පුද කිරිම නාව්ක හමුදා මුලස්ථානයේදි සිදු කෙරෙණි. ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා ගමන් කළ අතර, මාර්ගය දෙපස රැදී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරියාහට සිය උත්තමාචාර පුද කරන ලදී.
1986 වසරේ දී ඉඳුරාම බදවාගත් නිලධාරීයෙකු ලෙස නාවික හමුදාවට එක් වූ එතුමා නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මුලික නාවික පුහුණුව අවසන් කර ආයතන රාශියක සේවය කර ඇත. දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් රැසක් හැදෑරීමෙන් ලද දැනුම සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් රියර් අද්මිරාල් කුලසේකර මහතා නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී. පරිනත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් නාවික හමුදාවටත් සිය මාතෘ භූමියටත් සිදු කර ඇති අනගිභවනීය සේවය නාවික හමුදා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සටහන් වනු ඇත.









