ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්රහනය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, ඊයේ (16) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා ක්රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 22 - 8 ක් ලෙස සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය. ඒ අනුව එම තරඟයේදී උත්සාහක දිනුම් 3 ක්, ප්රවර්තන ගෝල 2 ක් සහ දඩුවම් පහරක් සමගින් පහසු ජයක් ලබා ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත් විය.








