නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්රෑම් 19 ක් සොයා ගැනේ
ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩෙල්ෆ් දුපතේහි, ඔත්තපානෙයි ප්රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්රෑම් 17 ක් සොයා ගන්නා ලදී. එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද එම විධානයෙහි කන්කසන්තුරේයි හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (16) සිදු කරන ලද සෝදිසි කිරීමක දී වියපාරමුල්ල ප්රදේශයේ තිබු, කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සොයා ගන්නා ලදී. එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පේදුරු තුඩුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


