හයිපීරියන් හයිවේ නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවාගැනිම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්.
2016 දෙසැම්බර් මස 10 දින හම්බන්තොට වරාය පරිශ්රයේ විරෝධතාකරුවන්ගේ ග්රහනයේ තිබු ‘හයිපීරියන් හයිවේ’ නැමති වාහන ප්රවාහන කිරිමේ විශාල ඝණයේ නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවා ගෙන එහි ඊලග නැවතුම වන ඕමානය බලා යාත්රා කිරීමට සැලැස්විම සම්බන්ධයෙන් ශ්රී ලංකා නාවික හමුදාපති සහ සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්රශංසාව සහ විශේෂ ස්තූතිය කවසාකී කීසෙන් කයිෂා නැව් සමාගම විසින් ප්රකාශ කර ඇත. ඒ අනුව මෙම ක්රියාව හමුවේ නාවික හමුදාවෙත් රටෙත් කීර්ති නාමය ජත්යන්තර තලයේ පවත්වා ගෙන යාමට හැකියාව ලැබිම සතුටට කරුණකි.


