නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් විසිඑක් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) ඉලත්තඩිය, තලවිල, උච්චමුනිය සහ ඉප්පන්තිව් යන මුහුදු ප්රදේශයන්හිදී වලංගු ධීවර බලපත්ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 9 ක්, ඔක්සිජන් සිලින්ඩර් 16 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 4 ක්, මුහුණු ආවරණ 4 ක්, GPS යන්ත්ර 2 ක් සහ තහනම් දැල් 8 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.





