ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ඉදිකළ මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ.
වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් ඊයේ (20) විවෘත කෙරිණි.
එහි ඉදිකිරීම් කටයුතු 2012 අගෝස්තු මස 15 වන දින ආරම්භ කෙරුණු අතර, නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ මෙන්ම නාවික විදුලි හා විද්‍යුත් අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. ඒ අනුව, නවීන පහසුකම් වලින් යුක්තව අංග සම්පූර්ණ ලෙස ඉදිකර ඇති මෙහි නිලධාරීන් 195 දෙනෙකු සඳහා ඉඩ පහසුකම් සපයා දී ඇත.
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.





