අනතුරට පත් ධීවරයින් 6 දෙනෙකු බේරා ගැනේ
ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත් වූ “ඉෂානි 1” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (21) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට පත්වී තිබූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය. දකුණු නාවික විධානයට අනුයුක්ත P 422 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් විසින් දෙවුන්දර තුඩුවේ සිට මුහුදු සැතපුම් 9 ක් පමණ දුරකදී එම ධීවරයින් සහ ධීවර යාත්‍රාව බේරා ගෙන නැවත නිල්වැල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.





