නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ඒ අනුව ඊයේ (7) උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරමට උතුරින් වූ මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ට්‍රෝලර් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, එදිනම උතුරු නාවික විධානයට අයත් කරෙයිනගර් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඩෙල්ෆ් වලට උතුරින් වූ මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අංඩගුවට ගන්නා ලදි. එහිදි ධීවර කටයුතු සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව සහ මාළු දැල් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.





