නාවික හමුදා රුවල් යාත්රා සංචිතයට ජයග්රහන රැසක්
කොළඹ රාජකීය රුවල් යාත්රා සමාජය මගින් සංවිධානය කරන ලද Royal Colombo Yacht Club “Commodore’s Race” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 7 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.
මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 50 දෙනෙකු සහභාගි වු අතර, තනි තනි වශයෙන් පවත්වන ලද තරඟ කාණ්ඩයේ ලේසර් අංශයේ පළමු ස්ථානය, දෙවන ස්ථානය සහ තෙවන ස්ථාන දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම් සමත් වුහ. තවද, එදිනම පැවැති එන්ටප්රයිසස් අංශයේ ද පළමු සහ දෙවන ස්ථාන දිනා ගැනීමට ද නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන්ට හැකි විය.








