නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයෙන් ලද බුද්ධි තොරතුරකට අනුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මීගමුව අනුකණ්ඩයට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) මීගමුව මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, ඩිංගි යාත්රාවක්, තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 50 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එදිනම, ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ නාවික පුද්ගලයන් පිරිසක් සහ මීගමුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මීගමුව කුට්ටිදූව ප්රදේශයේදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් අලෙවි කරමින් සිටි පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී කැස්බෑ මස් කිලෝග්රෑම් 71 ක් සහ කැස්බෑ බිත්තර ද අත්ඩඅංගුවට පත්වූ අතර, එම පුද්ගලයන්, මස් තොගය සහ බිත්තර ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


