ඉතාලි නාවික හමුදාවේ “කැරබිනියරි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉතාලි නාවික හමුදාවේ “කැරබිනියරි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ෆ්රැන්සිස්කෝ පැග්නොටා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
“කැරබිනීර්” නෞකාව මෙම මස 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට මෙන්ම නාවික අභ්‍යාසයන් කීපයකට ද එහි නැව් මුළුව සහභාගීවීමට නියමිතය.








