අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 28 ක් සොයාගැනේි
උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) කුසුමන්තුරෙයි නොගැඹුරු මුහුදුදේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්රෑම් 23 ක් සහ ඒ අසළ වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්රෑම් 5 ක් සොයා ගන්නා ලදි. මෙම ප්රදේශයේ මුර සංචාරයේ නිරත නාවිකයන්ගේ සෝදිසි කිරිම හමුවේ මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි. එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


