තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් අද (16) නිමාවට පත් විය. ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ පිහිටි උයිලන්කුලම පොලිස් ස්ථානයේ සහ තිරප්පනේ, ඇතුල්ගම ගම්මානයේ ස්ථාපිත තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ අනුව, උයිලන්කුලම පොලිස් ස්ථානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් පොලිස් නිලධාරීන් 35 කට සහ එම ප්‍රදේශයේ පවුල් 90 කට පමණ පිරිසිදු පානිය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. එමෙන්ම තිරප්පනේ, ඇතුල්ගම ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 650 කට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවස්ථාව උදා කර දී තිබිණි. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරිම සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය මගින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් ඒවා නිපදවා ඇත.
මේ දක්වා මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 102 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 46,810 කට හා පාසැල් දරු දැරියන් 40,600 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර රැසක් ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් පවතින අතර, අනාගතයේදී මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට එය මහත් රුකුලක් වනු ඇත.






