ඇමරිකානු නාවික හමුදාවේ “හොපර් ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් “හොපර්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ජෝන් ඩී. ගෙයිනී මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේ දී, විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමු වී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
දින 4 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව පුහුණු වැඩසටහන් සහ නාවික හමුදා ක්රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී ක්රිකට්, බේස්බොල්, අත්පන්දු සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත. “හොපර්” නෞකාව ජනවාරි මස 23 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය.














