කේරළ ගංජා ග්රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (19) අම්බලන්තොට ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා ග්රෑම් 800 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකා කඳවුර වෙත භාර දීමට කටයුතු කෙරිණි.


