නාවික හමුදාධිපතිතුමන් කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වයි
පාකිස්තානයේ නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (13) සිය සංචාරය අතරතුරදී කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය නැරඹීමට එක් වන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් මෙම සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වන වන ලදි. පකිස්තානයේ ජාතික සමාධිය ලෙස සැලකෙන මෙම ස්ථානයේ පකිස්තානු නිර්මාතෘ වශයෙන් සැලකෙන මොහොමඩ් අලි ජින්නා මැතිතුමන් මෙන්ම ජාතියේ මව ලෙස සැලකෙන එතුමාගේ නැඟණිය වන පතීමා ජින්නා සහ පකිස්තානයේ ප්‍රථම අගමැති ලීයුක්වාට් අලී ඛාන් යන අයගේ මෘත දේහයන් තැන්පත් කර ඇත.
මෙම ඓතිහාසික සොහොන් ගර්භය 1960 වර්ෂයේදී නිම කර ඇති අතර, එය ලෝක අවධානයටද ලක්ව ඇත. එමෙන්ම එය කරච්චි නුවර පිහිටි වැඩිම සංචාරක ආකාර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස සැලකෙන අතර, පකිස්තානයේ බොහෝ රාජ්‍ය සහ හමුදාමය සැමරුම් මෙම ස්ථානයේදී සිදු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ දෙරටෙහි නාවික නිලධාරීන් රැසක් සහභාගී විය.



