බ්රසීල තානාපතිනි නාවික හමුදා මාණ්ඩලික ප්රධානී හමුවෙයි
ශ්රී ලංකාවේ බ්රසීල තානාපතිනි, අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ෂවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




