කරාතේ ක්රීඩාව හැදෑරූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් සඳහා වර්ණ පටි පැළඳ වීම වැලිසර දී
නාවික හමුදා කරාතේ සංචිතය යටතේ පුහුණුව ලැබූ නාවික හමුදා පුද්ගලයින්ගේ දරු දැරියන් 8 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීම සහ වර්ණ පටි පැළඳවීමේ උත්සවය පසුගිය 8 වන දින වැලිසර පිහිටි ශ්රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ දී පැවැත්විණි.
එම උත්සව අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා කරාතේ සංගමයේ සභාපති, කොමදෝරු ෆ්රෙඩ් සෙනවිරත්න මහතා සහභාගී විය. එම අවස්ථාවේදී පුහුණුව ලැබූ දරු දැරියන් විසින් ආත්මාරක්ෂක සටන් සංදර්ශණයක් ද පවත්වන ලදී.





