නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගනී
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.
මෙසේ බේරා ගෙන ඇත්තේ ෆහීම් මොහොමඩ් ෆසාන් නමැති රඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන දරුවෙකි. ඔහු දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලෙමින් සිට ඇති අතර, එම දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් අනතුරුව ඔහුගේ දෙමාපියන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
