ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් 18 වන වරටත් සංවිධානය කරන ගුවන් හමුදා 2017 පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ බල නැවි අවිශ්ක මැඩෝන්සා සමත් විය. පසු ගිය මාර්තු මස 3 වන දින ආරම්භ වූ මෙම තරඟාවලිය අදියර තුනකින් සමන්විත වු අතර, තරඟාවලියේ සමස්ථ දුර ප්රමාණය කිලෝමීටර් 415 ක් විය.
ඉහත ජයග්රහණයට අමතරව දෙවන අදියරයේ පළමු ස්ථානය දිනා ගැනිමට නාවික හමුදාව නියෝජනය කළ නායක නැවි හේමන්ත කුමාර ක්රීඩකයාට හැකියාව ලැබුණි. එමෙන්ම හොඳම යොවුන් ක්රීඩකයා සහ තුන්වන අදිරයේ පළමු ස්ථානය දිනා ගැනීමට ද බල නැවි අවිශ්ක මැඩෝන්සා හට හැකියාව ලැබිණි.






