ඉන්දීය ධීවරයින් 77 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 12 කට නිදහස
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (14) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
එම කර්යයන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රීලංනානෞ ප්‍රතාප සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 47 වේග ප්‍රහාරක යාත්‍රාව සහභාගී විය. තවද, ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි දුර්ගාවතී’ සහ ‘අභීක්’ යන නෞකාවන් ද සහභාගී විය.
මුදා ගැනුණු ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි කටයුතු සඳහා කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.














