මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස
ශ්රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යලි එරටට භාර දීම අද (16) ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ඒ අනුව, එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 47 වේග ප්රහාරක යාත්රාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අභීක්’ නෞකාව ද සහභාගී විය.
එමෙන්ම, පසුගිය 14 වන දින ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාර දීම ද සිදු විය.



