නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සින්නපාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී බලපත්ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 11 ක් සහ මාළු දැල් 9 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.




