ඕමාන් ආරක්ෂක දුත පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ
ඕමාන් ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාය මාර්ගික කටයුතු පිළිබඳ අධ්යක්ෂ වශයෙන් කටයුතු කරන ගුවන් කොමදෝරු නසර් ජුමා අල් සජාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද (21) නාවික හමුදා මූලස්ථානයේ දී මුණ ගැසුණි.
එම දූත පිරිස නියෝජ්‍ය මාණ්ඩලික ප්රධානීතුමන් සමග ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති අතිගරු මූසා හම්දන් මූසා මහතා, ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ ආඥාපති ගුවන් කොමදෝරු හම්දන් මුර්ෂිඩ් අබ්දුල්ලා යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ හමුදා සහ රාජතාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








