ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමු වේ
ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්යක්ෂ ගරු මසාටෝ සගිසාකා මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී යෂුහිසා මට්සුඩා මහතා ද සහභාගී විය.
එහිදී, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
