ලීමා 2017 ජාත්‍යන්තර නෞකා සංදර්ශනය සහ ආහාර ප්‍රදර්ශනයේදී සයුර නෞකාව විශේෂ ඇගයුමකට
මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017 ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (23) පැවැත්වුණු නෞකා දැක්ම (Fleet Review) හා ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා සයුර නෞකාව ද එක්විය. නෞකා දැක්මේදී සයුර නෞකාවේ දායකත්වය මලයාසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වීම මෙහිදී කැපී පෙනුණි. මෙකී නෞකා දැක්ම ඊයේ (23) සවස ආරම්භ වූ අතර, එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ එරට ආරක්ෂක ආමාත්‍ය සෙයිරි හිෂාම්මුද්දින් තුන් හුසෙන් මහතාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරුන් මේ සඳහා එක් වූහ. මෙම නෞකා දැක්ම සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් නෞකා 41 ක් සිය දායකත්වය සැපයීය.
තවද, ඊයේ රාත්‍රියේ පැවැත්වුණු ලීමා 2017, ජාත්‍යන්තර ආහාර දැක්ම සඳහාද ශ්‍රී ලංකාව ඉතාමත් සිත් ගන්නා අයුරින් නියෝජනය කරවීමට සයුර නෞකාව කටයුතු සූදානම් කොට තිබුණි. ඒ සඳහා රටවල් 12ක් සහභාගි වී සිටි අතර, ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ආහාර කුටිය නිර්මාණය කොට තිබුණේ ශ්‍රී ලංකාව විසිනි. එහි පැමිණි දෙරටේ ආරක්ෂක අමාත්‍යයවරුන් ඉතාමත් සතුටු සිතින් යුතුව දේශීය ශ්‍රී ලාංකික ආහාර රස බැලීමට එක් විය. මෙයට සහභාගී වූ රටවල් අතර, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ඉන්දියාව, පිලිපීනය, ජපානය, පකිස්ථානය, සිංගප්පූරැව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉතාලිය යන රටවල් ද වේ.
මෙම ආහාර ප්‍රදර්ශණයට සමගාමීව පැවැත්වුණු සංස්කෘතික සංදර්ශණය සඳහා , ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංගයන්ද පැමිණි සිටි සැමගේ ඇගයීමට ලක් විය. ඊයේ මෙම ප්‍රදර්ශණයේ තුන්වන දිනය වන අතර, එය 26 වන දින අවසන් වීමට නියමිතය.













