පුහුණු සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශක් නෞකාව කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27) පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් පියුෂ් පව්සි මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
මෙම නෞකාවේ නැව් මුළුව නාවික හමුදාව මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. තවද, නාවික හමුදා ක්රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී අත්පන්දු සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත.එම නෞකාව මාර්තු මස 30 වන දින ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.







