ඇමරිකානු නාවික හමුදාවේ "කොම්ස්ටොක්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එහිදී, එම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් බ්රඩලි කොලෙට්ටි මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.
දින 4 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව නාවික හමුදා ක්රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී අත්පන්දු, ක්රිකට් සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත.








