රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අධ්යක්ෂ සාගරික ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ, එම්බීඒ, බීඑස්සී (ඉංජි) , සීඊඑන්ජී, එම්අයිඊ (ශ්‍රී ලංකා) මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කරන ලදී.
ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා කැටුව යාමෙන් අනතුරුව, සහෘද නිලධාරින් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීයා හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී.
1981 දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ දෙවන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සරත්චන්ද්‍ර අමරසිංහ මහතා විවිධ නිලතල දරමින් සිය අභිමානවත් සේවා කාලය තුළ නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී. ඔහු විසින් දැරූ නිලතල අතර, කොමදෝරු අධිකාරි තඨාකාංගනය, අධ්යක්ෂ ඉංජිනේරු සේවා සහ අධ්යක්ෂ සාගරික ඉංජිනේරු යන නිලතල සුවිශේෂි ස්ථානයක් ගනී.
චම්පිකා කුමාරි අමරසිංහ මත්මිය සමග විවාහ වී සිටින එතුමන් හට යුවිනී චරිත්මා සහ සචිර යුවින් යන දියණියක් සහ පුතෙකු සිටියි.
එතුමන් විසින් නාවික හමුදාවටත් රටටත් ඉටු කළ සේවය නාවික හමුදා ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් වනු ඇත.






















