උතුරු නාවික විධානය විසින් යාපනය මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (30) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ලදී. එය උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.
මාවඩිපුරම් ගම්මානයේ නැවත පදිංචි කළ පවුල් 160 කට අයත් පුද්ගලයන් විශාල පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. උතුරු නාවික විධානයයේ වෛද්‍ය අංශයට අයත් නිලධාරීන් සහ නාවිකයන් විසින් මෙම ක්ෂේත්‍ර වෛද්‍ය සායනය පවත්වන ලදී. ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවනු වස් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවාව එහිදී ඔවුන්ගේ මහත් ඇගයීමට ලක් විය.





