කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම කේරළ ගංජා තොගය විකිණීමට සූදානමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

