සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි වැටක් ස්ථාපනය කෙරේ
නාවික හමුදාව විසින් සුර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි ආරක්ෂිත වැටක් සුරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කර, එය අද (9) ජනතා අයිතියට පත් කරන ලදී. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
නාවික හමුදාව විසින් සමාජීය ගැටළු සඳහා විසඳුම් සෙවිම ඉලක්ක කර ගත් වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇති අතර, එහි තවත් එක් සමාජ මෙහෙවරක් වශයෙන් මෙය හදුන්වා දිය හැක. ඒ අනුව, මෙවැනි ප්‍රදේශයන්හි පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදාව සිය දායකත්වය සැපයීමට ඉදිරිපත්ව ඇත. නාවික හමුදාව සිය දැනුම හා තාක්ෂණික හැකියාව උපයෝගී කර ගනිමින් ඉතා අඩු පිරිවැයක් යටතේ මෙම විදුලි වැට නිර්මාණය කොට ඇත. එය කිලෝමීටර් 4 ක් පමණ දුරකට සවි කර ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, එමගින් මිනිස් ජීවිත සහ දේපල හානිය වලක්වා ගැනීම ප්‍රධාන අපේක්ෂාව ලෙස දැක්විය හැක. ඉදිරියේදීත් මෙවැනි සමාජ සත්කාරයන් තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.




