රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ
‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද (10) උත්සවාකාරයෙන් සිදු කෙරිණි. එමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් රණවිරුවන්ගේ දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම ද එහිදී සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණ නිවාස 14 ක්, අර්ධ නිවාස 126 ක් සහ ඉඩම් කැබලි 7 ක් රණවිරුවන් සඳහා බෙදා දෙන ලදී. එහිදී, රණවිරු දරුවන් සඳහා ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 8 කි. මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින රණවිරුවන්ට උපහාරයක් වශයෙන් සිදුකෙරෙන මෙම නිවාස සහ ඉඩම් ලබා දීමේ ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති තුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සහභාගී වූහ. තවද, රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.




















