“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී
2017 අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (10) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
මෙම සංගීතමය වැඩසටහන මෙතෙක් ලොව නිර්මාණය වු පළමු බෞද්ධ කැන්ටාටාව වේ. මෙය කේමදාස ශූරීන්ගේ ආදරණීය දියණිය වන ගයත්‍රී කේමදාස මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. නාවික හමුදා සංගීත අධ්යක්ෂ, කොමදෝරු ජූඩ් පීරිස් මහතාගේ අධීක්ෂණය යටතේ, කොමාණ්ඩර් ශාන්ත රූපසිංහ මහතා විසින් මෙම වැඩසටහනේ සංගීතය සැපයීම සිදු කරන ලදී.
ඒ අනුව, නාවික හමුදා පෙරදිග තූර්ය වාදක අංශය සිය වෘත්තීමය දක්ෂතාවය මනාව විදහා දක්වමින් මෙවරත් එම බෞද්ධ කැන්ටාටාව සාර්ථක ලෙස නිමා කිරීම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී. නාවික හමුදා ගායන ශිල්පීන්ගේ සහ වාදක කණ්ඩායමේ අද්විතීය කුසලතාවයන් හා කැපකිරීම් මත, ඉතාමත් කළාත්මක හා උසස් ගුණයෙන් යුක්තව මෙම වැඩසටහන පැවැත්වීමට හැකිවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන්, එම මැතිණිය, ආගමික නායකයන් සහ එම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් සිය ප්‍රසාදය නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සමස්ථ නාවික හමුදාවට පිරිනැමීමට ද එහිදී කටයුතු කෙරිණි.
එම උත්සව අවස්ථාව සඳහා මහානාහිමිවරුන්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ගරු ගයන්ත කරුණාතිලක මහතා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, සම්භාවනීය අමුත්තන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.








